2026 ජුලි 5 සහ 6 යන දෙදිනෙහි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ බරපතල නොසන්සුන්තාව සහ ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් 27ක් පමණ මිය ගොස් තවත් 100කට අධික ප්‍රමාණයකට තුවාල සිදුව ඇති බවත් මේ මරණ සහ තුවාල ගැන සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බවත් බන්ධනාගාර ගතව සිරගතව සිටින අය රිමාන්ඩ් බාරයේ හෝ සිරකරුවන් ලෙස සිටියත් ඔවුන් රාජ්‍ය භාරයේ සිටින නිසා මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන මූලික වගකීම ආණ්ඩුව සතු බවට ජනාධිපතිවරයා පවා විපක්ෂයේ සිටින විට 2020.11.30 වැනිදා ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
එබැවින් මේ සිදුවීම ගැන පාර්ලිමේන්තුවක් ලෙස සාකච්ඡා කළ යුතු නිසා අඟහරුවාදා (07) දිනයේ එය පුළුල් දීර්ඝ සාකච්ඡාවක් ලෙස පැය හතරක සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (07) අවධාරණය කළේය.
මේ සිද්ධිය බරපතල ඛේදවාචකයක් නිසා පැය 2ක විවාදයක් පැවැත්වීම ප්‍රමාණවත් නොමැති බවත් එම නිසා මේ යෝජනාව හෑල්ලුවට ලක් නොකර පැය හතරක සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ නමුත් මේ බරපතළ සිද්ධිය සහ ඛේදවාචයක සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැය හතරක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියත් ආණ්ඩුව ලබා දී තිබෙන්නේ පැය තුනක් වැනි කාලයක විවාදයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
Lanka Newsweek © 2026